LIVE
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාලන සමය ඇගයීමට ලක් කරමින් “සතුටුම යුගයේ ජනාධිපති” ලෙස විශේෂ උපහාරයක් පිරිනැමුණි.
පසුගිය (29) වැනිදා පැවැති “Global Brand Awards 2026’ සහ ‘SHE FOR THE NATION – Season 2” සම්මාන උළෙලේදී මෙම උපහාරය පිරිනැමුණි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්ව සිටි අතර ඔහුගේ සේවය අගය කරමින්, උළෙලේ සංවිධායක මණ්ඩලය මෙම සුවිශේෂී ගෞරව නාමය සහිත සම්මානය පිරිනමන ලදී.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන්, වෘත්තිකයන්, කාන්තා නායකත්වයන් සහ ජාත්‍යන්තර සන්නාම රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණේය.
