වත්මන් ආණ්ඩුව එළවන්න විපක්ෂයේ සිටින සියලුම නයි, මුගට්, පොළොන්ගු ඔක්කොම එකතු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.
කැරුම් බෝඩ් බෙදීම සඳහා සියල්ල සිදු කළ පුද්ගලයා අමෙරිකාවේ සිටින බවත් කැරම් බෝඩ් බෙදපු මහින්දානන්ද අලුත්ගමගේ බන්ධනාගාරයේ බව මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.
මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ,
“මේ ආණ්ඩුව එළවන්න හැම විපක්ෂයේ ඉන්න නයි මුගට් පොළොන්ගු ඔක්කොම එකතු වෙන්න ඕන කියන එක මම මේ අවස්තාවේදි කියනවා. තරුණ දේශපාලඥයෝ මුන්ට බයේ හැංගෙනවා. නඩු දායි කියලා හැංගෙනවා.
සමහර දිස්ත්‍රික්ක වලට නායකත්වය දෙන එවුන් හැංගෙනවා. වේදිකා වලට එන්නෑ හැංගෙනවා. රැස්වීමක කතා කරන්නේ නෑ හැංගෙනවා. කවුද දැන් ඇතුලේ ඉන්නේ.
ඇතුලේ ඉන්න මිනිස්සූ එළියේ ඉන්න ඕන මිනිස්සූ. එළියේ ඉන්න මිනිස්සූ ඇතුලේ ඉන්නවා. එළියේ ඉන්න මිනිස්සූ ඇතුලේ ඉන්නවා. කවුද කැරම් බෝඩ් බෙදුවේ. කැරම් බෝඩ් බෙදුවට කැරුම් බෝඩ් ඔක්කොම කරපු මිනිහා අමෙරිකාවේ. අලුත්ගමගේ ඇතුලේ.“
