Advertisements
Advertisements

පළමු වතාවට අපනයන ආදායම ඩොලර් බිලියන 10 ඉක්මවයි

LIVE

2026 ජනවාරි සිට ජූලි මාසය දක්වා ගතවූ මාස 7 තුළ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

එලෙස අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක ප්‍රමාණය වාර්තා කර ඇත්තේ පළමුවරට බවත් එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයනය සහ සේවා අංශයේ අපනයන ආදායම කැපී පෙනෙන අගයන් වාර්තා කළ බවද සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ,

ශ්‍රී ලංකා අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛණ දත්තවලට අනුව ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,637ක වර්ධනයක් අපි අරගෙන තිබෙනවා.

එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,285කුත්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 351කුත් ලබාගෙන තිබෙනවා.

විශේෂයෙන් ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මේ වසරේ මුල් මාස 7දී සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක ප්‍රමාණයක් වාර්තා වෙනවා. මුල් වතාවට තමා අමෙරිකානු ඩොලර් මිලියන 10,437ක් අපි ලබා ගන්නේ.

එහිදී විශේෂයෙන් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 8,188ක ප්‍රමාණයකුත්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,199ක ප්‍රමාණයකුත් වාර්තා වෙනවා.

එහිදී කැපී පෙනෙන අංශ වෙන්නේ තේ ආශ්‍රිත සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන. ඒවගේම රබර් කර්මාන්තය, ආහාර සහ බීම, විදුලි උපකරණ, මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු, වැනි ක්ෂේත්‍ර කැපී පෙනෙන වර්ධනයක් මුල් මාස 7දී දකින්න පුළුවන්.

ඒ වගේම සේවා අංශය ගත්විට කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙනවා අපගේ තොරතුරු තාක්ෂණය ආශ්‍රිතව. ඊට අමතරව ලොජිස්ටික් ක්ෂේත්‍රෙය් කැපී පෙනෙන වර්ධනයක් පසුගිය මාස 7දී දකින්න පුළුවන්.

මාස 7දී තේ ආශ්‍රිත අපනයනයේදී ගිය වසරට සාපේක්ෂව වර්ධනයේ අඩුවීමක් මාස 7දී පෙන්නුම් කරනවා. ඒකට හේතුව මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වයත් එක්ක අපගේ තේ අපනයනය කිරීමේදී තිබෙන බාධාවත් පසුගිය මාස 7දී ඒ ටාගට් එක සපුරා ගැනීමට අපහසු වීම.

2 Comments
Most Voted
Newest Oldest