LIVE
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ තොරතුරු තාක්ෂණ, උපදේශන සේවා, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් ලබා ගැනීම, සැපයුම් සේවා (ලොජිස්ටික්ස්), යටිතල පහසුකම් දෙමුහුන්/සංයුක්ත ව්‍යාපාර ආකෘති හා පොදු ව්‍යාපාර සහ ව්‍යාපාරික අංශයන්ට අයත් ව්‍යාපාර ආයතන 68ක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කිරීමට 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, එම ව්‍යාපාර 68 ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කරමින් 2026-04-10 දිනැති අති විශේෂ ගැසට් නිවේදන මඟින් නියමයන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
එකී නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
