හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන ඒම සඳහා රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
එම රටවල පවතින නීති පද්ධති එක්ක අර්ජුන් මහේන්ද්‍රන් කොහොම හරි ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“අපි සියලුම අපරාධකරුවන් ගෙන ඒමට තමයි උත්සාහ කරමින් ඉන්නේ. ඒක රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරනවා. හැබැයි එම සියලුම අපරාධකරුවන්, ඔබ හිතන්න එපා අපි ඉල්ලපු ගමන් සියලු රටවල් දෙයි කියලා.
ඒවට රාජ්‍යතාන්ත්‍රික විශාල මැදිහත්වීමක් කරන්න සිදුවෙනවා. ඒ රටවල පවතින නීති පද්ධති එක්ක අර්ජුන් මහේන්ද්‍රන් කොහොම හරි ලංකාවට ගෙනල්ලා ඒ කටයුතු කිරීම තමයි අපේ බලාපොරොත්තුව.”
මේ අතර, අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට විවිධ උපක්‍රම පවතින බවත් ඒ අනුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා සඳහන් කළේය.
