Advertisements
Advertisements

ආණ්ඩුවට බය නැතුව විරුද්ධ වෙන්නේ පිස්සෝ

LIVE

අද වනවිට ලංකාවේ ප්‍රබල විපක්ෂයක් නොමැති බවත් එයට හේතුව, තිබෙන නඩු ප්‍රමාණයත් එක්ක දේශපාලඥයින්ට එළියට එන්න බැරී වී සිටීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහන් කරයි.

විපක්ෂයේ දේශපාලඥයින් ආණ්ඩුවට එරෙහිව එළියට එන්න බිය වී සිටින බවත් එලෙස බය නැතිව එළියට එන්නේ, තනිකඩ පුද්ගලයෙක් හෝ පිස්සෙක් බවද හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහන් කරයි.

හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහන් කළේ,

ඉතිහාසයේ ඉදන් දැක්කේ යම්කිසි ප්‍රධාන පක්ෂයක් වැඩ කරනකොට ප්‍රබල විපක්ෂයක් ඉදලා. හැබැයි අද ප්‍රබල විපක්ෂයක් නැති වෙන්න හේතුව මොකක්ද.?

අද මේ අයගේ තියෙන, ලබාදෙන පීඩනයත් එක්ක, මේ දාන නඩු ප්‍රමාණයත් එක්ක, මේ සියලු දේ එක්ක සියලු දේශපාලඥයින්ට එළියට එන්න අවස්ථාවක් නැතිවෙලා තියෙනවා. බැරිවෙලා තියෙනවා.

මේ අයට දරුවෝ ඉන්නවා. භාර්යාවක් ඉන්නවා. පවුලක් තියෙනවා. ජීවත්වීමේ ආසාවක් තියෙනවා. මේ අය කරන දේවල් ටික බලන්නකෝ. කවුද මේකත් එක්ක බය නැත්තේ.

මේකත් එක්ක බය නැත්නම් එක්කෝ තනිකඩයෙක් වෙන්න ඕන. එක්කෝ පිස්සෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් කොහොමද බය නැතුව මේකට මුහුණ දෙන්නේ.”

මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහන් මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest