LIVE
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දුගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගනිමින් ඇති බව වාර්තා වේ.
තවද හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව වාර්තා වේ.
