Advertisements

අමතර මුදලක් එක්ක පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩි කරයි

LIVE

රාජ්‍ය සේවකයන් සඳහා තුන්වන වැටුප් වර්ධකය ලබන ජනවාරි මාසයේදී ලබාදෙන බවත් ඊට අමතරව පොලීසියේ සියලුම නිලධාරීන්ට අවධානම් දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේදී විශාල උසස්වීම් ප්‍රමාණයක් ගොඩගැසී තිබෙන බැවින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කර උසස්වීම් නිසි පරිදි ලබාදීමට පියවර ගන්නා බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

පොලිස් නිලධාරීන්ගේ විශාල හිඟයක් තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසියට 10,000ක් අලුතින් බඳවා ගැනීමට අපි දැනටමත් අනුමැතිය ලබා දී තිබෙනවා. ඔබ ඉතා අසීරු රාජකාරියක නිරත වෙනවා.

රාජ්‍ය සේවකයන් සඳහා තුන්වන වැටුප් වර්ධකය ලබන ජනවාරි මාසයේදී ලැබෙනවා. ඊට අමතරව පොලීසියේ සියලු නිලධාරීන්ට අවධානම් දීමනාවක් ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පොලිස් නිලධාරීන්ට තම උසස්වීම් පිළිබඳ විශාල පසුතැවීමක් තිබෙනවා. මා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව සිටියදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා “පොලීසියට බැදෙනකොටත් කොස්තාපල්, බඳිනකොටත් කොස්තාපල්, විශ්‍රාම යන විටත් කොස්තාපල්” කියලා.

මම දැන් ජනාධිපතිවරයා. ඒ නිසා නිසි පරිදි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කොට අවශ්‍ය මානව සම්පත දිරි ගැන්වීම සහ ඇගයීමක් සිදු කිරීම මගේ වගකීමයි. අද ජ්‍යෙෂ්ඨත්වය මත උසස්වීම් ලබා දෙනවා වගේම කුසලතා සහ විභාග මත උසස්වීම් ලබා දිය යුතුයි.

අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. උසස්වීම් ලබා දීමේදී විශාල උසස්වීම් ප්‍රමාණයක් ගොඩගැසී තිබෙන නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කර උසස්වීම් නිසි පරිදි ලබා දීම සඳහාත්, උසස්වීම් නොලැබී සිටින අය එම තනතුරේම අතිරේක ලෙස පිහිටුවීම සඳහාත් අපි කටයුතු කරනවා.”

0 Comments
Most Voted
Newest Oldest