Advertisements

එල්-නිනෝ තවත් දරුණු වෙයි.. බිහිසුණු අනතුරු ඇඟවීමක්

LIVE

එල්-නිනෝ තත්ත්වයේ බලපෑම් හේතුවෙන් ලෝකයේ දරුණු කාලගුණික තත්ත්වයන් සහිත අනතුරුදායක කලාපයකට ඇතුළු වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් අනතුරු අඟවයි.

විද්‍යාත්මක දත්ත වලට අනුව පෘථිවිය මින් පෙර කිසිදා මුහුණ නොදුන් අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබෙන බවත් සාගර ජලය තවදුරටත් රත් වෙමින් පවතින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් සඳහන් කරයි.

මෙය වසර 70කට වැඩි කාලයකින් ඇති වන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වය විය හැකි බවත් එය අවම වශයෙන් එළඹෙන 2027 වසරේ පෙබරවාරි මාසය දක්වා පවතිනු ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) සඳහන් කරයි.

මෙම එල්-නිනෝ’ තත්ත්වයට ලොව පුරා සිටින ජනතාවට සහ ආර්ථිකයන්ට දැවැන්ත මාරාන්තික පහරක් එල්ල කිරීමේ හැකියාව පවතින බව ලෝක කාලගුණ සංවිධානයේ මහලේකම් මහාචාර්ය සෙලෙස්ටේ සවුලෝ සඳහන් කරයි.

නවතම දත්ත අනුව, මෙම තත්ත්වය නිසා ලෝකය පුරා කාලගුණ රටාවන් වෙනස් වන අතර ඇතැම් ප්‍රදේශ දරුණු නියඟයන්ට ඇද දමන බවත් තවත් ප්‍රදේශ වලට ප්‍රබල සුළි කුණාටු සහ ගංවතුර තත්ත්වයන් ඇති කරන බවද සඳහන් කරයි.

මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් දැනටමත් ලෝකයේ උණුසුම ඉහළ යමින් පවතින පසුබිමක, මෙම තත්ත්වය නිසා ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවද සඳහන් කරයි.

අග්නිදිග ආසියාව, මධ්‍යම අමෙරිකාව සහ දකුණු අමෙරිකාවේ උතුරු ප්‍රදේශවල විශාල කලාප හරහා සාමාන්‍යයට වඩා බෙහෙවින් වියළි දේශගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අනාවැකි පළ කර ඇති අතර එමගින් නියඟයන් සහ ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ යයි.

0 Comments
Most Voted
Newest Oldest