බන්ධනාගාර කෑම කන්න බෑ.. නාමල් ගෙදරින් කෑම ඉල්ලයි

LIVE

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිවසින් ආහාර ලබාගැනීමට අවසර ඉල්ලා ඇත.

බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර ලබා ගැනීමට තමන්ගේ කැමැත්තක් නොමැති බව ප්‍රකාශ කරමින් නිවසින් ආහාර ලබාගැනීම සඳහා අවසර ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ ඉල්ලා ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට නිවසින් රැගෙන එන ආහාර ලබා ගැනීමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න සඳහන් කරයි.

ඔහු හමුවීමට දිනකට තුන් දෙනෙකුට අවසර ලබාදී ඇති බවත් ඔහු රඳවා ඇති වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න සඳහන් කරයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest