පාසල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට විශේෂ වැඩක්

LIVE

මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ගෙන් 70%කට පමණ, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

එම චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් සංඛ්‍යාව හතලිස් දහසක් පමණ වන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

කොළඹ නගරයේ පාසල් තුළ මෙන්ම ගම්බද පාසල් තුළට මත්පෙති ව්‍යාප්ත වී ඇති බවත් එම පාසල් තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

කොබෙයිගනේ ජාතික පාසලේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.

මේ අතර මිතුරන්ගේ බලපෑම පාසල් ළමුන් මත්ද්‍රව්‍ය සදහා යොමුවීමට බලපාන ප්‍රධාන කරුණක් ලෙස හඳුනාගෙන ඇත.

පාසල් ළමුන් හා තරුණයින් මත්ද්‍රව්‍යවලට යොමුවීම වැළැක්වීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ජාත්‍යන්තර ප්‍රමීතින් දේශීයකරණයට ලක්කර වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම දැනට මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇති දරුවන් වෙනුවෙන් අනාවරණ පරීක්ෂණ සිදුකිරීම, තක්සේරු පරීක්ෂණ සිදුකිරීම හා රෝග නිවාරණය සඳහා උපදේශනය, ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය හා පසු රැකවරණ සේවා මගින් අඛණ්ඩව අධ්‍යයනයට යොමු කිරීම ඉලක්ක කර ගනිමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
📰 Free News Subscription?