බාල වයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක්කළ 5ක් අත්අඩංගුවට

LIVE

බාල වයස්කාර දැරියක් දුෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අවුරුදු 16 සහ 18 වයස්වල පසුවන්නන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කන්තලේ ප්‍රදේශයේ උත්සවයක් නැරඹීමට පැමිණි 15 හැවිරිදි දැරියක් මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන් වේ.

රථගාලක නවතා තිබූ බස් රථයක් තුළ යම් පිරිසක් සැකකටයුතු ලෙස රැඳී සිටින බවට පොලීසිය නිරීක්ෂණය කර ඇති අතර පසුව ඒ පිළිබඳව සොයා බලා ඇත.

එහිදී අදාළ දැරිය, පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු සමග එහි රැඳී සිටින බවට පොලීසිය දැක ඇති අතර අනතුරුව එම පිරිසගෙන් ප්‍රශ්න කර ඇත.

එහිදී බස් රථයට පැමිණීමට පෙර අසළ කැලෑ බඳ ප්‍රදේශයකදී ඇයගේ පෙම්වතා බව කියන පුද්ගලයා සහ තවත් අයෙකු ඇය දුෂණය කර ඇති බවට අනාවරණ වී ඇත.

අනතුරුව එම දැරියගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇත්තේ, තවත් තුන්දෙනෙකු අසළ නවතා තිබු බස් රථයක් තුළට තමා සමග පැමිණි බවයි.

ඒ අනුව කන්තලේ පොලීසිය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන එම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

4 Comments
Most Voted
Newest Oldest
📰 Free News Subscription?