රටේ ජනතාවට ඇඟිලි තුඩක දුර.. තත්පර 10න් පොලීසිය

LIVE

ශ්‍රී ලංකා පොලීසිය විසින් ජනතාවට හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලීසිය දැනුවත් කිරීම සඳහා නව ජංගම යෙදවුමක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත.

“Sri Lanka Police App” ලෙස හඳුන්වා දෙන මෙම යෙදවුමේ ඇති SOS බොත්තම හදිසි අවස්ථාවකදී තත්පර 10ක් ක්‍රියාත්මක කිරීමෙන්, අදාළ පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ලබාදීමට හැකියාව පවතියි.

119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලීසිය දැනුවත් කිරීමට අමතරව, මෙම යෙදවුම හරහා කඩිනමින් තොරතුරු ලබාදිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

“Sri Lanka Police App” ලෙස හඳුන්වාදී ඇති මෙම යෙදවුමට ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ලියාපදිංචි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

දරුවෙකු කිසියම් අනතුරකට හෝ කරදරයකට මුහුණ දී ඇති අවස්ථාවකදී වුවද මෙම යෙදවුම හරහා පොලීසිය දැනුවත් කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය කඩිනමින් ක්‍රියාත්මක වන බවද සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

Play Store ඔස්සේ “Sri Lanka Police App” වෙත පිවිස ලියාපදිංචි විය හැකි අතර ජාතික හැඳුනුම්පතක් ඇති දරුවන්ට ද ඒ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව හිමිවන බවද සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?