LIVE
දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් ඇත.
අද (11) අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල්ගත කිරීමෙන් අනතුරුව අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනා මියගොස් ඇති අතර 55 හැවිරිදි පියා තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මෙම ප්‍රහාරයට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
