රජයෙන් නව තීරු බදු ක්‍රමයක්

LIVE

රජය විසින් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත පනවා ඇති සෙස් බදු ඉවත් කර නව තීරුබදු ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ සඳහන් කරයි.

කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත සෙස් බදු පැනවුවත් දේශීය කර්මාන්ත බොහොමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බවත් එම නිෂ්පාදනයන්ගේ පිරිවැය ඒ හා සමානව ඉහළ මට්ටමක පවතින බැවින් අදියර වශයෙන් සෙස් බදු ඉවත් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ සඳහන් කරයි.

සෙස් බදු සහ පැල් ඉවත් කිරීමත් සමගම නව තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට රජය පියවර ගන්නා බවත් ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ එම තීරුබදු ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ සඳහන් කරයි.

ඒ අනුව, 0%, 10%, 20,% සහ 30% යටතේ නව තීරු බදු හඳුන්වා දීමටත් අමුද්‍රව්‍ය සඳහා සහ නිෂ්පාදන සඳහා යොදා ගන්නා භාණ්ඩවලට 0% අනුපාතය යොදා ගැනීම මෙන්ම නිමි භාණ්ඩ වශයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සහ තෝරා ගත් භාණ්වලට 30% උපරිමයකට යටත්ව නව තීරු බදු පැනවීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ අද (11) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

දේශීය කර්මාන්ත බොහෝමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බැවින් ඒවායේ නිෂ්පාදන පිරිවැයද ඒ හා සමානවම ඉහළ මට්ටමක පවතිනවා. ඒ නිසා අදියර වශයෙන් මුළින්ම අතරමැදි අමුද්‍රව්‍ය සඳහා ක්‍රමයෙන් සෙස් බදු ඉවත් කිරීමත්, කර්මාන්ත වලදී සංවේදී භාණ්ඩ සඳහා සහ අතරමැදි ද්‍රව්‍ය සඳහා සහන කාලයක් සහිතව සෙස් බදු ක්‍රමයෙන් ඉවත් කිරීම තුළින් දේශීය කර්මාන්ත වලට හානියක් නොවන පරිදි මෙන්ම ක්‍රමිකව එම නිෂ්පාදන ක්‍රියාවලියට නිෂ්පාදකයින් අනුගත කිරීමේ හැකියාව සහ ඔවුන්ට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වියදම අවම කර ගැනීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කිරීමේ ප්‍රවේශයක් ලබා දීමටද මෙමගින් අපේක්ෂා කරනවා.

එමෙන්ම සෙස් බදු සහ පැල් ඉවත් කිරීමත් සමගම නව තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ 0%, 10%, 20,%, 30%, නව තීරුබදු හඳුන්වා දෙනවා. ඒ අනුව අමුද්‍රව්‍ය සහ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා භාණ්ඩ වලට 0% අනුපාතය යොදා ගැනීමේ වැඩි ඉඩකඩක් තමයි පවතින්නේ. අනෙකුත් දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා නිමි භාණ්ඩ වශයෙන් එන භාණ්ඩ වලට සහ තෝරාගත් භාණ්ඩ වලට 30% කියන උපරිමය අය කිරීම තුළින් කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා.”

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?