LIVE
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගොනුකර ඇති අභියාචන පෙත්සම එළඹෙන ඔක්තෝබර් මස (09) වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියම කළේය.
පසුගිය 2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවෙන් තමා නිදහස් කරන ලෙස අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා ඇත.
ග්‍රීක බැඳුම්කර සඳහා රුපියල් බිලියන 1.8ක් ආයෝජනය කර, රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇත.
ඊට එරෙහි අභියාචන පෙත්සම අද කැඳවූයේ අචල වෙංගප්පුලි,මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
මෙයට අදාළව ඊයේ නොතීසි ලැබුණු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ශනිල් කුලරත්න සඳහන් කළේය.
