LIVE
ඉරානය – අමෙරිකාව අතර මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් ඉහළ ගියද, මේ මාසයේ හදිසි ඉන්ධන මිල වැඩි කිරීමක් නොකරන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ගෝලීය ඉන්ධන මිලට සාපේක්ෂව ලංකාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව සංස්ථාවේ සභාපති ඩී ඒ රාජකරුණා සඳහන් කරයි.
