LIVE
විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට එක් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින නිලධාරී හිඟය පියවීම වෙනුවෙන් ඒ කෙරෙහි අවධානය යොමුකර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත සඳහන් කරයි.
පැරණි බෝගම්බර බන්ධනාගාරයට ලබන සතියේ රැඳවියන් යොමු කරන බවත් එහි ප්‍රතිසංස්කරණ කටයුතු 90% කින් පමණ අවසන් කර ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
