ලොකු සිංහයාගේ පොඩි සිංහයා හිරේ.. තාත්තා තවමත් ගේමේ

LIVE

අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහයාගේ නාමල් රාජපක්ෂ පොඩි සිංහයා හිරේ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

එදා විජිත පුර සටන එලාර දුටු ගැමුණු මුහුණට මුහුණ සටන වගේ නාමල් රාජපක්ෂ එක්ක පුළුවන් නම් මුහුණට මුහුණ සටනට එන්න කියා ආරාධනා කරන බවද තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරයි.

අනුරාධපුර රැළියට එක්වෙමින් තිස්ස කුට්ටිආරච්චි සඳහන් කළේ,

ආ දැන් ඔක්කොම වාඩි වෙන්ඩ. අපේ කට්ටිය ඉස්සෙල්ලා වාඩි වෙන්න. දැන් මේ කවුද ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලෝ ආදරය කරන කවුද මේ ඇවිල්ලා ඉන්නේ. එදා අපි නොදුටු දුටු ගැමුණු, අද අපි දකින දුටුගැමුණු මහින්ද රාජපක්ෂ ආදරණීය නායකයා.

අද ලොකු සිංහයාගේ පොඩි සිංහයා හිරේ. අද පුතා හිරේ, තාත්තා ගේමේ. පුතා හිරේ තාත්තා තවමත් ගේමේ. එනිසා අවසාන වශයෙන් ජනාධිපතිතුමනි, එදා විජිත පුර සටන එලාර දුටු ගැමුණු මුහුණට මුහුණ සටන වගේ මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ එක්ක පුළුවන් නම් මුහුණට මුහුණ සටනට එන්න කියන ආරාධනය කරනවා.”

2 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?