රාජ්‍ය සේවයට අලුතින් එක්ලක්ෂ විසිඑක් දාහක් (121,000) බදවා ගන්න අනුමැතිය ලබාදී තිබෙන බවත් එය අවුරුද්දක් ඇතුලත බදවා ගන්න වැඩිම ප්‍රමාණය බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
එලෙස රාජ්‍ය සේවයට අලුතින් බදවා ගන්න එක්ලක්ෂ විසිඑක් දාහක් ඇතුලේ ගුරුවරුන් 23,000ක් සහ පොලිස් නිලධාරීන් 10,000ක් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අපේ රාජ්‍ය යාන්ත්‍රණය කඩා වැටිලා තියෙන්නේ. පාසල්වල ගුරුවරු නෑ. පොලීසියේ කාර්යමණ්ඩලය මදි. ලක්ෂයක් විතර පොලීසියේ ඉන්න ඕන. ඉන්නේ 68,000යි. පැය 10, 12, 18 පොලීසියේ මහත්තුරු වැඩ.
සමහර තැන්වල ග්‍රාමසේවා නිලධාරින්ගේ හිගයක් තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕන දැන්. අවුරුදු 5ක්, 6ක් රාජ්‍ය සේවයට බදවා ගත්තේ නෑ. අපි මොකද කරන්නේ.? හරියට පුරප්පාඩු බලලා බදවා ගන්නවා. ඇයි, පඩි ගෙවන්න භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා.
අපි දැන් අනුමැතිය දීලා තියෙනවා රාජ්‍ය සේවයට අලුතින් බදවා ගන්න එක්ලක්ෂ විසිඑක් දාහක් (121,000) මතක තබාගන්න. අවුරුද්දක් ඇතුලත බදවා ගන්න වැඩිම ප්‍රමාණය. ඒක ඇතුලේ ගුරුවරු 23,000ක් ඉන්නවා.
පොලිස් නිලධාරින් 10,000ක් ඉන්නවා. වනජීවි දෙපාර්තමේන්තුවට වනජීවි සහායකයෝ තුන්දහස් ගණනක් ඉන්නවා. වනජීවි නිලධාරීන් පන්සිය ගණනක් ඉන්නවා. ඇයි.? අත්‍යවශ්‍ය සේවා පත්වාගෙන යාම සඳහා රාජ්‍ය සේවයට ගන්න ඕන.
හැබැයි ගන්නකොට කිසි කෙනෙක් ලියුමක් අරන් එන්න එපා. ඇයි.? එහෙම ගිහිල්ලා තමයි මේ රාජ්‍ය සේවය කඩා වැටුනේ. විභාග තියෙනවා, සුදුසුකම් අනුව අපි මේ එක්ලක්ෂ විසිඑක් දාහම රාජ්‍ය සේවයට බදවාගෙන හොද රාජ්‍ය සේවයක් හදනවා.”
