පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී ඇති බවත් එය පසුගිය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පසුගිය 2025 වසරේ අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක් ලැබී තිබුණ බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේශණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,131ක් බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
පසුගිය 2025 කාලයේ මුල් මාස 8 සඳහා ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,116ක් බවද මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
