LIVE
යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප (Blocks 1 & 2) අද (14) දින සිට තාවකාලිකව සංචාරකයින් සඳහා වසා තැබීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර අද (14) සිට ඔක්තෝබර් මස (15) වැනිදා දක්වා වූ මාසයක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක වනු ඇත.
අධික උණුසුම් කාලගුණය හේතුවෙන් යාල වනෝද්‍යානයේ ජල මූලාශ රැසක්ද සිඳී ගොස් ඇති අතර මේ හේතුවෙන් වනෝද්‍යානයේ වාසය කරන සත්වයින්ටද දැඩි ලෙස පානීය ජල ගැටලුවක් මතුව ඇත.
මෙහි සංචාරක ආකර්ෂණය වැඩිම කාලය අගෝස්තු සිට මාර්තු දක්වා වන අතර මෙවර සංචාරක සමයට එල් නිනෝ තත්ත්වය දැඩි ලෙස බලපා ඇත.
යාල වනෝද්‍යානය තුළ ක්ෂීරපායී විශේෂ 44ක්, පක්ෂීන් 215ක්, උරගයින් 47ක් සහ මතස්‍යය විශේෂ 21කගේ වාසස්ථානයක් වේ.
