“පුනරුදයේ පුරවර – 2026” විශේෂ සතිය අරඹයි

LIVE

දිවයින පුරා පළාත් පාලන ආයතන මගින් කසළ කලමණාකරණ වැඩසටහන් මෙන්ම රුක් රෝපණ වැඩසටහන් ඇතුළු විවිධ පරිසර සහ ප්‍රජා හිතකාමී වැඩසටහන් සංවිධානය කර පැවැත්වීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අද (14) දින සිට 2026 සැප්තැම්බර් (19) වන දින දක්වා විශේෂ සතියක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති මාලාව අනුව ක්‍රියාත්මක කරනු ලබන මෙම ජාතික වැඩසටහන “පුනරුදයේ පුරවර” නම් තේමාව යටතේ පසුගිය වසරේද අතිසාර්ථකව පවත්වන ලැබූ අතර මෙම වසරේ වඩාත් සැලසුම්සහගතව මහජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලැබෙන අයුරින් ක්‍රියාවට නැගීමට සියලු කටයුතු සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා පොලිසිය පොලිස්පතිතුමන්ගේ උපදෙස් පරිදි පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශීය පොලිස් ස්ථාන සම්බන්ධීකරණය කරගනිමින් මෙම වැඩපිළිවෙල සඳහා සක්‍රියව දායක වේ.

2026.08.24 වන දින කොළඹ 02, යූනියන් පෙදෙසේ පිහිටි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේදී මෙම විශේෂ සතියක කාලය පිළිබඳව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

එහිදී ප්‍රජා පොලිස් සහ පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ආර්. ඒ. ආර්. එන්. රාජපක්ෂ සහ පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා සහභාගී වෙමින් ශ්‍රී ලංකා පොලිසියේ සැලසුම් සහ කාර්යභාරය ඉටුකිරීමේ අදියර පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?