‘සිරිලිය’ නමි බැංකු ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව ඉදිරි දිනයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බව පොලීසිය සඳහන් කරයි.
ශිරන්ති රාජපක්ෂ මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා යැයි පවසා ආධාර එකතු කිරීමේ ක්‍රියාවලියක් සිදුකර ඇත.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියනයක් මේ සඳහා අනුග්‍රහක වියදම් ලෙස ලබාගෙන ඇති අතර අනතුරුව එම මුදල ‘සිරිලිය’ නම් ගිණුමට බැර කරගෙන ඇත.
එහෙත් මෙහි බරපතල ප්‍රශ්නය වන්නේ, ජාතික ඉතිරිකිරීමේ බැංකුව මුදල් ලබාදෙන අවස්තාව වනවිට රුපියල් මිලියන 50ක් පමණ වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයක් චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබුණේය.
එවන් පසුබිමක පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා තවත් පෞද්ගලික බැංකු වලින් මුදල් එකතු කර ‘සිරිලිය’ ගිණුමට දාගත්තාද.? යන්න සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම විමර්ශනය සිදු කරයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය මෙම ගිණුම හරහා සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් යහපාලන රජය සමයේදී පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණේය.
ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුගේ නමින් යුත් බද්ධ ගිණුමක් ලෙස රාජ්‍ය බැංකුවක සුදුවැල්ල ශාඛාවේ මෙම ගිණුම විවෘත කර තිබූ අතර එහිදී ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස (222222222V) ලෙස ව්‍යාජ අංකයක් සඳහන් කර තිබූණේය.
එම ගිණුම හරහා සැකකටයුතු මුල්‍ය ගණුදෙනු රැසක් සිදුව ඇති බව මේ වනවිට සිදුකරන විමර්ශන අනුව අනාවරණය වී ඇත.
