රුමේෂ්ගේ හෙල්ල කැඩීම උඩු දුවයි.. අමාත්‍යංශයෙන් තීරණයක්

LIVE

ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට ගුවන් යානයේදී හානි වීම සම්බන්ධව අදාළ ගුවන් සමාගමට පැමිණිලි කළ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සදහන් කරයි.

ඒ අනුව රුමේෂ් තරංගගේ පුහුණුවීම් කටයුතු සඳහා නව හෙල්ල කට්ටලයක් කඩිනමින් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සදහන් කරයි.

ගුවන් යානයේදී සිදුවූ හානිය සම්බන්ධයෙන් රුමේෂ් තරංග විසින් අදාළ ගුවන් සේවයට එරෙහිව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

රුමේෂ් තරංග දිවයිනට පැමිණෙන විට ඔහු සතු හෙල්ල 5ක් ගුවන් යානයේදී සැකසහිත ලෙස කැඩී හානි සිදුව ඇත.

රුමේෂ් තරංග හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී මීටර් 91.09ක් දුර විසි කළ හෙල්ල, ස්විට්සර්ලන්තයේ සුරීච් නුවරදී මීටර් 92.07ක් දුර විසි කළ හෙල්ල ඇතුළු ඔහු භාවිතා කරන හෙල්ල 5ටම හානි සිදුව ඇත.

කෙසේ වෙතත් එම හෙල්ල කට්ටලය හදිසියේම කැඩීයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ ගුවන් සමාගමද ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?