‘සිරිලිය’ හෙළිවෙද්දී ශිරන්තිට අසාධ්‍යයි.. එන්න බැරිවෙයි

LIVE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හදිසියේම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සැත්කමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම සැත්කමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන්, ශිරන්ති රාජපක්ෂට ඉදිරි සති කිහිපයක කාලය තුළ පූර්ණ විවේකය අත්‍යවශ්‍ය බවත් නිවසට වී සිටින ලෙසට නිර්දේශ කර ඇති බවද වාර්තා වේ.

‘සිරිලිය’ නමි බැංකු ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව එම විමර්ශන සඳහා ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව පවතින පසුබිමක ඇය මෙලෙස හදිසියේම රෝහල්ගත කර ඇත.

මෙම සැත්කමෙන් පසුව වෛද්‍යවරුන්, ශිරන්ති රාජපක්ෂට ඉදිරි සති කිහිපයක කාලය තුළ පූර්ණ විවේකය අත්‍යවශ්‍ය බව පවසා ඇති බැවින් මෙම සතියේ ප්‍රකාශයක් ලබා නොදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ශිරන්ති රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම හෝ සිදුකරන විමර්ශන වලට සහාය ලබා නොදී දිගින් දිගටම මගහරිමින් සිටිනවා නම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ.

1 Comment
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?