සලේට වෛද්‍ය වාර්තා නෑ.. මගහරින රෝහල් අධ්‍යක්ෂකට නොතිසි

LIVE

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට ලබන (22) වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කර ඇත.

අදාළ පැමිණිල්ල අද (15) දින කැඳවූ අවස්ථාවේදී, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත.

1 Comment
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?