ශ්‍රීලංකන් ලංසුව අමෙරිකානු ඩොලර් මිලියන 4.01ක්

LIVE

ගුවන් සේවා මගී පද්ධති, පිටත්වීම් පාලන පද්ධති, ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර වෙන් කිරීමේ හා ආසන වෙන් කිරීමේ පද්ධති, භාණ්ඩ කළමනාකරණ පද්ධති සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් පද්ධති ඇතුළු ගුවන් ගමන් සේවාවල ඉතා වැදගත් පද්ධති අතර සම්බන්ධතාව සඳහා සුරක්ෂිත, ඔරොත්තු දීමේ හැකියාව සහිත සහ ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් ගෝලීය ජාල යටිතල පහසුකම් වේදිකාවක් අවශ්‍ය වේ.

ඒ අනුව, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා අදාළ සේවාවන් සැපයීම පිණිස වන කොන්ත්‍රාත්තුවේ කාලය අවසන් වීම මත නව සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ.

ඒ සඳහා එක් ලංසුවක් පමණක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබාදී ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති එකම ලංසුකරු වන SITA Switzerland SARL වෙත 2026-10-01 දින සිට 2031-09-30 දින දක්වා වසර 05ක කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.01ක මුදලකට සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත ගෝලීය ජාල යටිතල පහසුකම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?