අතුරුදන් ඥනසාර හිමි බන්ධනාගාරගත කරනවාද.? නැද්ද.? තීන්දුව පොලිස්පතිට

LIVE

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රදානය කළ ජනාධිපති පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය (10) වැනිදා තීන්දු කළේය.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට පසුගිය 2018 අගෝස්තු (08) වනදා වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6කින් ගෙවී යන සේ දඬුවම් නියම කෙරිණි.

එලෙස වරදකරු කෙරුණු ඥානසාර හිමිට 2018 වසරේ අභියාචනාධිකරණය විසින් වසර හයක සිරදඬුවම් නියම කර තිබුණද, එම දඬුවමින් ඥානසාර හිමි නිදහස් කරමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පොදු සමාවක් ප්‍රදානය කළේය.

අනතුරුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඥානසාර හිමියන්ට ලබාදුන් එම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළේය.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාදුන් ජනාධිපති සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට නොහැකි බව වාර්තා වන අතර එම නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබීමෙන් අනතුරුව පියවර ගැනීමට නියමිතය.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අහෝසි කිරීමෙන් පසුව, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වනවිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?