දරුවන් වෙනුවෙන් සතියට වැඩ ගොඩයි.. අලුත් වෙනසක්

LIVE

දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සමාජ අවධානය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම ඔක්තෝබර් මස (01) දින ළමා දිනය සැමරීම සිදු කරනු ලබයි.

වර්තමානයේ දරුවන් මුහුණ දෙන අභියෝග සාම්ප්‍රදායික ළමා ආරක්ෂණ ගැටලු ඉක්මවා යමින් අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිත අවදානම්, මානසික හා සමාජයීය පීඩන, නොසලකා හැරීම සහ විවිධ සමාජ හා ආර්ථික අවදානම් තත්ත්වයන් දක්වා පුළුල් වී ඇති බව නිරීක්ෂණය කර තිබේ.

එමෙන්ම, දරුවන්ගේ පමණක් නොව දෙමාපියන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරින්, සේවා සපයන්නන්, පොදු මහජනතාව ඇතුළු දරුවන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන සියලු පාර්ශ්වයන්ගේ, ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව සම්බන්ධයෙන් වන දැනුම්වත්භාවය වර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

එබැවින්, ළමා අයිතිවාසිකම් පිළිබඳ මහජන දැනුම්වත්භාවය ඉහළ නැංවීම, දරුවන් පිළිබඳ සමාජ සංවේදීතාව වර්ධනය කිරීම සහ ළමා ආරක්ෂාව සඳහා ප්‍රජා සහභාගිත්වය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.

ඒ අනුව, 2026-09-25 දින සිට 2026-10-01 දින දක්වා වන කාලය ‘ළමා දින ජාතික සතිය – 2026’ ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?