ජොන්ස්ටන්ගේ සුඛෝපභෝගී නඩුවට නියෝගයක්

LIVE

ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (16) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබීය.

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

මෙම නඩුව කැඳවු අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව මෙම නඩුකරය විභාගය සඳහා අවසන් වතාවට ඔක්තෝම්බර් මස (28) වනදා කැඳවන බව මහේස්ත්‍රාත්වරයා අද (16) නියම කළේය.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?