මැදපෙරදිග ගැටුම් උග්‍ර වෙමින් පවතින පසුබිමක, මුස්ලිම් භක්තිකයන්ගේ පූජනීය නගරයක් වන මක්කම වෙත ඇතුළු වීමට උත්සාහ කළ හූති ඩ්‍රෝන යානයක් එම ගුවන් සීමාවට පිවිසීමට පෙර උඩුගුවනේදී විනාශ කිරීමට සෞදි අරාබි ගුවන් ආරක්ෂක හමුදාව සමත් වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඩ්‍රෝන යානය, පසුගිය 2017 වසරේ ජූලි මාසයේදී එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් පසු හූතිවරුන් විසින් මක්කම ඉලක්ක කර එල්ල කළ දෙවන ප්‍රහාරය මෙය බව සෞදි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සන්ධානයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් තුර්කි අල්-මල්කි සඳහන් කරයි.
ඉස්ලාම් දහමේ පූජනීයමස්ථාන පිහිටා ඇති සහ වාර්ෂික හජ් වන්දනාවේ මධ්‍යස්ථානය වන මක්කම නගරයේ ආරක්ෂාව යනු කිසිසේත් උල්ලංඝනය කළ නොහැකි “රතු රේඛාවක්” (Red Line) බවද ප්‍රකාශක මේජර් ජෙනරාල් තුර්කි අල්-මල්කි සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරමින් හූති ප්‍රකාශක හසෙම් අල්-අසාද් සිය ‘X’ ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, මක්කම නගරය ඉලක්ක කළ බවට සෞදි අරාබිය සිදුකරන ප්‍රකාශය ජනතාව නොමඟ යැවීම සඳහා ගෙතූ පදනම් විරහිත අසත්‍යයක් බවයි.
