අතුරුදන් ඥනසාර හිමි අධිකරණයට.. නියෝගයක්

LIVE

ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි, බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල ඉදිරියේ කැඳවනු ලැබීය.

අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව යළිත් ලබන (30) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදානය කළ ජනාධිපති සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ පසුබිමක මෙම නඩුව කැඳවු අවස්තාවේදි අතුරුදන් වී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (16) දින අධිකරණය හමුවේ පෙනී සිටියේය.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?