ශිරන්ති රටින් පිටවෙන්න හදද්දී එකවරම මතුවූ නිලධාරියා ලිපියක් දික් කරයි

LIVE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ශිරන්ති රාජපක්ෂ සමග රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වූ ඈන් ද ලිවේරාද අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

එහෙත් ශිරන්ති රාජපක්ෂට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවීමක් තිබියදී රටින් පිටව ගිය බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් සඳහන් කරයි.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවත් ගේට්ටුව ආසන්නයේදී ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම අදාළ කැඳවීමේ ලිපිය ගෙනැවිත් ශිරන්ති රාජපක්ෂ වෙත භාරදී ඇති බවද එම සාමාජිකයා සඳහන් කරයි.

මීට පෙර FCID වෙතින් ශිරන්ති රාජපක්ෂට කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවත් අදාළ ලිපිය භාරදී ඇත්තේද ඇය ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුව බවද රාජපක්ෂ පවුලේ සාමාජිකයා සඳහන් කරයි.

මේ අතර ශිරන්ති රාජපක්ෂට ලබන (24) වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇත.

කෙසේ වෙතත් ශිරන්ති රාජපක්ෂ නැවත ලංකාවට පැමිණෙන දිනය ගැන තවමත් ප්‍රකාශ කර නොමැත.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?