LIVE
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දේශපාලන ප්‍රවාහයේ පරමාදර්ශී නායකයා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජීවතුන් අතර සිටින තාක් කල්, අවශ්‍ය වුවහොත් රෝද පුටුවෙන් හෝ ඔහුව දේශපාලන වේදිකාවට රැගෙන විත් ජනතාවට පෙන්වීමට කටයුතු කරන බවද ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.
ජනතාව සැමවිටම සැබෑ නායකයන් දැකබලා ගැනීමට දැඩි කැමැත්තක් දක්වන බැවින්, ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ඇඳක තබාගෙන හෝ එතුමාව ජනතාව හමුවට පමුණුවන බවද ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කරයි.
