LIVE
පසුගිය (12) වන දින අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇද්ද යන්න පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව ඉදිරි දිනකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත කැදවා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතය.
කොළඹ මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයාට සිදුකළ නියෝග මත හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
