LIVE
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට තමන් සම්බන්ධ කිරීමට උත්සාහ කරමින් ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සඳහන් කරයි.
ඇතැම් පාර්ශ්වයන් විසින් තමන් ඉලක්ක කර ගනිමින් සිදුකරන එවැනි පදනම් විරහිත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකළ විමර්ශන වලදී තමන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බව තහවුරු වී අධිකරණයෙන් නිදහස්ව සිටින බවද මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සඳහන් කරයි.
එවැනි පසුබිමක, යළිත් මෙවැනි චෝදනා එල්ල කිරීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බවද මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සඳහන් කරයි.
