ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
එවැනි පසුබිමක, ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම හෘදය සාක්ෂියට එකඟව අදහස් ප්‍රකාශ කිරීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නිදහස ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
යෝජිත සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතුද යන්න තීරණය කිරීමේ දැවැන්ත වගකීම දැන් පාර්ලිමේන්තුවට සහ ඡන්දය ප්‍රකාශ කරන සෑම මන්ත්‍රීවරයෙකුටම පැවරී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
ජනතාවගේ නියෝජිතයන් වශයෙන් තම ව්‍යවස්ථාමය වගකීම සහ ශ්‍රී ලංකාවේ ස්වෛරී ජනතාව වෙත ඇති යුතුකම පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින්, පක්ෂ භේදවලින් තොරව ප්‍රතිපත්ති ගරුක ස්ථාවරයක පිහිටා කටයුතු කරන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.


