LIVE
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂිකාව අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සමාගම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නැමැති භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
