22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවන වර කියවීම සම්මත කිරීමට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළ අතර එහිදී පක්ෂව ඡන්ද 158ක් හිමිවිය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමට විරුද්ධව විපක්ෂ මන්ත්‍රීවරු 63ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඡන්දය දීමෙන් වැලකී සිටි කිසිවෙක් නොමැත.
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනා අතුරින් මන්ත්‍රීවරු 63 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළද, අනෙක් මන්ත්‍රීවරුන් 3 දෙනා ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට පැමිණියේ නැත.
ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විපක්ෂය සමග එක් නොවු මන්ත්‍රීවරුන් 3 දෙනා වන්නේ,
1, රනිල් වික්‍රමසිංහ නායකත්වය ලබාදෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක,
2. රනිල් වික්‍රමසිංහ නායකත්වය ලබාදෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා,
3. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය ලබාදෙන සමගි ජන බලවේග පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී නයන වාසලතිලක,
කෙසේ වෙතත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.
