LIVE
අද (09) දින කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් එම අවන්හලේ හිමිකරු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයාට වයස අවුරුදු 54ක් බවත්, තුවාල ලැබූ ඔහුගේ බිරිඳ වයස අවුරුදු 52ක් බවත් පොලීසිය සඳහන් කරයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

