LIVE
කොළඹ වරාය නගරයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර ඇත.
කම්කරු නේවාසිකාගාරය අසලදී මෙම පහරදීම සිදුකර ඇති අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.
අදාළ පුද්ගලයා මෙම ප්‍රහාරය හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.
දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් වයස අවුරුදු 26ක් වන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

