රුපියල් බිලියන 1.8 මුදලක් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ අභියාචන පෙත්සම කබ්රාල් විසින්ම ඉල්ලා අස්කර ගෙන ඇත.
අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවයි.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී, අපරාධ විධාන සංග්‍රහයේ 201(1) යටතේ මේ සම්බන්ධයෙන් නඩුව පවතින ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අයදුම් පතක් ගොනුකොට ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති මෙම අභියාචන පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවත් අධිකරණයෙන් ඊට අවසර ලැබුණ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක සඳහන් කරයි.

