LIVE
වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය (08) වනදා පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් කළේය.
අනතුරුව (09) දින විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර වෙත බාර දුන්නේය.
කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් මුල් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර ඇති අතර එයට මන්ත්‍රීවරු 44 දෙනෙකු අත්සන් තබා ඇත.
ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට දින දෙකක් වෙන් කරන ලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලීමක් කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
කථානායකවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කර ඇත.

