ශිරන්තිගේ මුහුණට සිනහවක්.. උත්සාහය සාර්ථකයි

LIVE

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට නිවසින් ආහාර ලබාදීමට අවසර ලබාදී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශිරන්ති රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය කාන්තා රැඳවියන් සිටින වාට්ටුවකට යොමු කළ බවත් ඇය විශේෂ ආරක්ෂාවක් යටතේ එහි රඳවා තැබීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න සඳහන් කරයි.

රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක් ලබා ගෙන සාවද්‍ය පරිහරණයෙන් දූෂණය හා පොදු දේපල පනත යටතේ වැරදි සිදු කළ බවට චෝදනා නගමින් පසුගිය (07) වැනිදා ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව ඇය ලබන (13) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

1 Comment
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?