ලිට්‍රෝ සහතිකයක්.. ඉදිරි සතියේ මොකද වෙන්නේ.?

ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් මිලියන තුනක් නොවැම්බර් මස වෙළඳපොළට නිකුත් කිරීමට හැකියාව ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

සියලුම වාණිජ පාරිභෝගිකයන්ට අවශ්‍ය ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම මඟින් සමස්ත ගෑස් අවශ්‍යතාවය සපුරාලීමට හැකි වන බව එහි විකුණුම්, අලෙවි සහ ආයතනික සබඳතා අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කරයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් ‘Goodwill’ (ගුඩ්විල්) නෞකාව මේ වනවිට ගොඩබෑම් කටයුතු සිදු කරමින් පවතින බවත් තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් ‘Quarantine’ (කොරන්ටයින්) නෞකාව හෙට (01) දින දිවයිනට ළඟා වීමට නියමිත බවද අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කරයි.

අධ්‍යක්ෂ ජනක පතිරත්න සඳහන් කළේ,

“සාමාන්‍යයෙන් මසකට ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 32,000ක් පමණ අවශ්‍ය වෙනවා. තරගකාරී සමාගමට මෙට්‍රික් ටොන් 6,000ක් පමණ අවශ්‍ය වෙනවා. සමස්ත අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 38,000ක් පමණ වනවා. වර්තමාන ගෑස් අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, නොවැම්බර් මාසය සඳහා මෙට්‍රික් ටොන් 44,000ක් ජියෝ ගෑස් ආයතනය මගින් ඇණවුම් කර, එම ඇණවුම් තහවුරු කර තිබෙන බව සඳහන් කළ යුතුයි. නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන 3ක් වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් ආයතනයට හැකියාව තියෙනවා.

ඒ වගේම සියලුම වාණිජ පාරිභෝගිකයන් සඳහා අවශ්‍ය ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම මගින් සමස්ත ගෑස් අවශ්‍යතාව සපුරාලීමට ලිට්‍රෝ ගෑස් ආයතනයට හැකියාවක් ලැබෙනවා. අද දින මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් ගුඩ්විල් නෞකාව මේ වන විට ගොඩබෑම් කටයුතු සිදු කරමින් පවතින අතර, තවත් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් කොරන්ටයින් නෞකාව නොවැම්බර් මස (01) වැනි දින දිවයිනට ළඟා වීමට නියමිතයි. එමගින් අද හවස වන විට කොළඹ ප්‍රදේශය සඳහා සාමාන්‍ය ලෙස ගෑස් බෙදාහැරීම සිදු වන අතර, අනෙකුත් ප්‍රදේශ සඳහා හෙට දිනයේදී ගෑස් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කිරීමට හැකියාවක් ලැබේ.” 

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel