නොවැම්බර් ලිට්‍රෝ ගෑස් මිල ගණන්

නොවැම්බර් මාසයේ ලිට්‍රෝ ගෑස් මිල ගැන එම සමාගමෙන් දැනුම්දීමක්.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇත.

ඒ අනුව නොවැම්බර් මාසය සඳහා දැනට පවතින මිල ගණන් වලගු වන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,365කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,750කි.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 815කි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel