මේ වනවිට විදේශ රටකට පලාගොස් සිටින හිටපු නියෝජ්ය අමාත්ය ප්රේමලාල් ජයසේකර සම්බන්ධයෙන් අන්තර්ජාතික පොලිසියට (INTERPOL) දැනුම්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
ප්රේමලාල් ජයසේකර 2026 ඔක්තෝබර් (21) වන දින ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මාර්ගයෙන් වරෙන්තුව ක්රියාත්මක කරන ලෙසද පොලිස්පතිවරයාට නියෝග කළේය.
