නේපාලයේ ගැඹුරුම විල “ෂේ ෆොක්සුන්දෝ” (Shey Phoksundo) නැරඹීමට ගිය ඉන්දියානු සංචාරකයින් 06 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
එලෙස අතුරුදන් වූවන් අතර පිරිමි සංචාරකයින් 04 දෙනෙකු සහ කාන්තාවන් 02 දෙදෙනෙකු ඇතුළත් වන බවද විදෙස් මාධ්ය වාර්තා කරයි.
නේපාලයේ දොල්පා දිස්ත්රික්කයේ නුමා ලා සහ බගා ලා කඳුකර මාර්ග හරහා ගමන් කරමින් සිටියදී මොවුන් සමඟ පැවැති සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව වාර්තා වේ.
පවතින අයහපත් කාලගුණය සහ මාර්ගවල පවතින අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ප්රදේශවාසීන් විසින් සපයන ලද අනතුරු ඇඟවීම් නොසලකා එම පිරිස මෙම සංචාරයේ නිරත වී ඇති බව වාර්තා වේ.
