ආසියා ශාන්තිකර කලාපීය විද්යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63වෙනි මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (01) දින කොළඹදී පැවැත්විණි.
මෙම සමුළුව සඳහා ආසියා ශාන්තිකර කලාපීය විද්යුත් විකාශකයින්ගේ සංගමයට අයත් රටවල් 66ක විද්යුත් මාධ්ය ආයතන 225ක නියෝජිතයෝ එක්ව සිටියේය.
කලාපීය මාධ්ය ක්ෂේත්රයේ තාක්ෂණික දියුණුව, ක්රීඩා විකාශනය සහ මාධ්ය අන්තර්ගතයන් පිළිබඳ කරුණු මෙන්ම, කෘත්රිම බුද්ධිය (AI) මාධ්ය ක්ෂේත්රයට යොදා ගැනීම සහ සයිබර් ආරක්ෂාව ඇතුළු වත්මන් මාධ්ය ක්ෂේත්රයේ අභියෝග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
